තිරිඟු පිටි හිඟයක් : කිලෝවක් රුපියල් 17 ඉහළට : පාන් මිලත් ඉහළට !

තිරිඟු පිටි හිඟයක් : කිලෝවක් රුපියල් 17 ඉහළට : පාන් මිලත් ඉහළට !

රට පුරා ප්‍රදේශ කිහිපයක තිරිඟු පිටි හිගයක් ඇති වී තිබෙන බවත් ප‍්‍රදේශ කිහිපයකම බේකරි හිමියන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සැපයුම්කරුවන් පිටි සපයන්නේ නැති බව පවසන බවත් ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් වාර්තා කර ඇත.

මේ හේතුවෙන් බේකරි කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බොහෝ ඔවුන් පෙන්වා දෙන බවත් එම පුවතේ සඳහන් වෙයි.

මේ ගැන කල විමසීමකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිෂ්පාදනය අඩාල වී ඇතත් ඉල්ලුම ඒ ආකාරයෙන්ම පවතින බවයි.

ඒ නිසා ඇති වන නිෂ්පාදන ඉල්ලුම මත භාණ්ඩ මිල ඉහළ යන බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත් පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තවම අදහසක් නැති බව ද කී ඔහු පිටි සඳහා පාලන මිලක් පනවා නැති බවද සඳහන් කර ඇත.

කෙසේ වුවත් ආනයනය කරන ලද තිරිගු පිටි තොගයක් ඩොලර් හිගතාවය හේතුවෙන් වරායේ සිරවී ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර පිටකොටුව තොග වෙළඳුන් පවසන්නේ ඊයේ (27) දිනයේ සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 17 කින් ඉහළ දමා ඇති බවයි.

පාන් ගෙඩියක් අද (28) සිට රුපියල් 10කින් ඉහල දැමීමට බේකරිකරුවන්ගේ සංගමය තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

මේ සමග සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ යන තත්ත්වයක් ද උද්ගතව ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න