Language Switcher

V2025

එන ජන්දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ - මෛත්‍රී පුත්‍ර දහම්

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට තමන් අපේක්ෂකයකු ලෙස තරග වදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන  සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවද ඔහු පවසයි .

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමිනි.

දහම් සිරිසේන මේ වනවිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.