එල්.ටි.ටී.ඊ. ය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු හී වලදමා ඇති රත්තරන් තොගයක් නීති විරෝධි ලෙස ගොඩ ගැනීමට කටයුතු කළ බව සඳහන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්ගේ සේවය අමාත්‍ය සරත් වීරසේකර විසින් වහාම ක්‍රියාත්මකවන ලෙස අත්හිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
නොවැම්බර් මාසයේ පළමු සති 1-2 තුළ වූ මෙකි සිදුවීම සම්බන්ධයෙන් දැඩි මාධ්‍ය හා සමාජ මාධ්‍ය බලපෑමක් එල්ල විය.
ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.
“මහජන ආරක්ෂක අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සම්බන්ධව විවිධ මාධ්‍යයන්හි පුවත් වාර්ථා පළවිය.
එම වාර්ථාවන් හා සිද්ධීන් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ගරු අමාත්‍යතුමා විසින් අදාළ අංශ වෙත ඉල්ලීමක් කර ඇත.
තවද,මේ සම්බන්ධයෙන් සඳහන් වන සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය ගරු අමාත්‍යතුමා විසින් වහාම අත්හිටුවා ඇති බවද සඳහන් කරමි.“
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
