රට පුරා සටන් කර දිනාගත් ගුරු වැටුප උතුරට නොලැබීමේ අනතුරක්

රට පුරා සටන් කර දිනාගත් ගුරු වැටුප උතුරට නොලැබීමේ අනතුරක්

දින එකසිය විස්සකට වැඩි කාලයක් දීප ව්‍යාප්තව ගෙන ගිය අඛණ්ඩ අරගලයකින් පසු වැටුප් විෂමතාව ඉවත් කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි කරගත් වැටුප උතුරු පළාතට අහිමිවීමේ අනතුරක් මතුව තිබේ.

වැටුප් අරගලයේ ප්‍රමුඛතම නියමුවකු වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ, එම වැඩිවු මුදල ජනවාරි මස වැටුප සමග 20 වැනිදා ලබා දීමට දිවයිනේ සියළුම කලාප කාර්යාල වල කටයුතු සිදු කරමින් පැවැතියද උතුරු පළාතේ මේ වන තෙක් එයට අදාල කටයුතු ආරම්භ කර නොමැති බවයි.

''අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි ආණ්ඩුව අපේ චක්‍රලේඛය ප්‍රමාද කරන කොට ඔබ ජනවාරි මාසේ 5 වැනිදා චක්‍රලේඛය නිකුත් නොකළොත් 20 වැටුප ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් දින 15 ට කලින් වැටුප් සකස් කිරීම් සිදු වෙනවා. ''

උතුරු පළාතේ ගුරුවරුන්ට සිදුවන අසාධාරණය ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙස වෘත්තිය සමිති නායකයා පළාත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි 11 වැනි සදුදා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමිනි.

එම තත්වය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාට ලිඛිතවම දන්වා ඇති බවත් ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා එහිදී සදහන් කළේය.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය පසු ගිය සතියේ නිකුත් කර තිබුනි.

එහි දැක්වෙන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වැනි දින සහ මේ වසරේ ජනවාරි තුන් වැනි දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න