ගිය වසරේ මැති සබේ අය කෝටි 09ක කාලා

ගිය වසරේ  මැති සබේ අය කෝටි 09ක කාලා

පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ විවිධ කමිටු සඳහා පැමිණෙන රජයේ නිලධාරීන්ටද ආහාර සැපයීම පාර්ලිමේන්තුව විසින් සිදු කෙරෙන අතර ඒ සඳහා කෙරුණු වැය කිරීම්ද මෙම මුදලට ඇතුළත් වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මේ අතර පාර්ලිමේන්තුවේ ආහාරපාන විවිධ දූෂණ ක්‍රියා සහ නාස්තිය හේතුවෙන් අහිමි වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ක්‍රියාමාර්ග කිහිපයක් මෑතක සිට ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

පාර්ලිමේන්තුව නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ගමන්මලු ඔවුන් පිටතට යන අවස්ථාවන්හිදී අහඹු ලෙස පරික්ෂා කිරීම එහි එක් පියවරක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සහල් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළියෙල කිරීමද සීමා කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න