ඩලස් ජනතාවට ඇත්ත කීම අරඹයි : ඉදිරියේ පැය කිහිපයක විදුලි කප්පාදුවක් !

ඩලස් ජනතාවට ඇත්ත කීම අරඹයි : ඉදිරියේ පැය කිහිපයක විදුලි කප්පාදුවක් !

ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගතාවය මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු එහිදී පැවසීය.

විදුලි අර්බුදය තවදුරටත් ජනතාවට වසන් කිරීමට නොහැකි බවද පැවසූ අමාත්‍යවරයා මේ පිලිබඳව සත්‍ය ජනතාවට පවසා එයට විසඳුම් සාමූහිකව සෙවිය යුතු බවද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න