සජිත්ගේ අඩුව රනිල් පුරවලා : විපක්ෂයේ පෙරළියක්ද ?

 සජිත්ගේ අඩුව රනිල් පුරවලා : විපක්ෂයේ පෙරළියක්ද ?

වසරේ පළමු වරට පැවැති පක්ෂ නායක රැස්වීමේදී සිදුවූ විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.

ඒ, පළමු වතාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද මෙම පක්ෂ නායක රැස්වීමට එක්ව සිටීමය.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මාස කිහිපයක් ගතව තිබුණද ඒ එකදු වතාවකවත් එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට කටයුතු කර තිබුණේ නැත.

නමුත් මෙවර රනිල් සහභාගි වී සිටියද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට සහභාගි වීමට පියවර ගෙන තිබුණේ නැත. සමගි ජනබලවේගය පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ඉකුත් සතිය පුරාම සජිත් උතුර-නැගෙනහිර සංචාරයක නිරත වීම හේතුකොට ගෙන මීට සහභාගි නොවූ බවයි.

කෙසේ වුවත් කාලයක් තිස්සේ එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අලුත් මුහුණුවරකින් මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත පැමිණෙමින් සිටින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

එහි තීරණාත්මක අවස්ථා දෙකක් ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා ගුවන් විදුලි සංස්ථාවේ සජීව සාකච්ඡාවක් සඳහා සහභාගි වීමත්, සිරස නිව්ස් ෆස්ට් සමග සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගි වීමත් විචාරකයන් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙත දොරටු වසා තිබූ සිරස වැනි නාලිකාවක් හිටිහැටියේ ඔහුට අවස්ථාව සැලසීම අනාගත දේශපාලන පෙරළියක් ගැන පෙරමග ලකුණක් විය හැකි බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න