මධ්‍යම අධිවේගය විවෘත කිරීමට ලන්සා නාවේ ඇයි ?

මධ්‍යම අධිවේගය විවෘත කිරීමට ලන්සා නාවේ ඇයි ?

මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස පසුගියදා (15) සවස ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ද සහභාගි ව සිටි නමුත් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වන නිමල් ලන්සා නොපැමිණ සිටීම සම්බන්ධයෙන් දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.

මීරිගම ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසනයක් බැවින් කුමන තත්ත්වයක් යටතේ වුවත් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඊට සහභාගිවීම සාමාන්‍යයෙන් සිදුවිය යුත්තක් බව දේශපාලන නිරීක්ෂකයන් ද පෙන්වා දෙයි.

කෙසේ වුවත් මේ අවස්ථාව සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද සහභාගි ව සිටියේ නැත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලිත්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස තෙසාර ජයසිංහ ඉවත්කර රේණුක පෙරේරා පත්කිරීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගනුලැබූ තීන්දුව හේතුවෙන් ඇතිවූ නොසතුට ලන්සාගේ නොපැමිණීම හරහා පෙන්නුම් කෙරුණේද යන්න ගැන දේශපාලන නිරීක්ෂකයන් සැකසංකා මතු කරයි.

මන්ද පසුගියදා තෙසාර ජයසිංහ සම්බන්ධයෙන් ලංසා අමාත්‍යවරයා ද දැඩි විවේචනයක් එල්ල කළ අයෙකු වීම සහ ඔහු ආණ්ඩුවේ සිටින දැඩි බැසිල් රාජපක්ෂවාදියකු ලෙස ප්‍රකට නිසා බවත් දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න