Language Switcher

Ad

Ad 01

V2025

ඔමික්‍රෝන් මෙරට ආසාදිතයින් ගණන ඉහළට

මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  සඳහන් කළේ දීර්ඝ නිවාඩු කාලසීමාවන්වලදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ය.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 595,657 දක්වා ඉහළ ගියේ ය.

ඒ, නව ආසාදිතයින් 661 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමග ය.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,197 කි.

ආසාදිතයින් 568,049 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.