බ්‍රිතානයේ තානාපති කාර්යාල සේවකයින් වැඩ කරන්නේ නයිට් කඩවල සහ ෂෙඩ්වල !

බ්‍රිතානයේ තානාපති කාර්යාල සේවකයින් වැඩ කරන්නේ නයිට් කඩවල සහ ෂෙඩ්වල !

ශ්‍රී ලංකේය තානාපති සේවය සහ කාර්ය මණ්ඩල පත්වීම් දේශපානලන කරණයට ලක්වී ඇතිබව මේ වන විට සැවොම දන්නා කාරණයකි. මෙහි වර්ථමාන තත්වය ඉතාමත්ම බරපතල සහ අපකිරිතිමත් තැනකට මේ වන විට පත්ව ඇතිබව සැබවින්ම ලාංකිකයන් හැටියට නැතිනම් රටක් හැටියට ලැජ්ජා වියයුතු කරුණකි.

මෑතක පටන් නුසුදුසු පුද්ගලයන් දේශපාලන බලපෑම් මත ලොව පිළිගත් තානාපති කාර්යාලවලට පත්වීම් ලබාදීම සිදුකරනු ලබයි. මෙය සත්‍ය වශයෙන්ම විදේශ තානාපති සේවයේ රැකියා ලබාදෙන මාෆියාවක් සහ ජාවාරමකි. මෙය ඍජුවම රාජපක්ෂ වාදීන් විසින් ඔවුන්ගේ අනුදැනුම මත කරගෙන යන වැඩපිලිවලකි . මෙවැනි රැකියා ලබාගැනීම සදහා ලක්ෂ ගණන් මුදල් මෙම තැරවූ කරුවන් විසින් ලබාගන්නා අතර .මළපොතේ අකුරක් වත් බැරි පුද්ගලයින් තානාපති සේවය සහ කාර්ය මණ්ඩලයට අනියුක්ත කරනු ලබයි .

මෙසේ පැමිණෙන බොහෝදෙනෙක් වසර 2-3 කාලයක් සදහා පැමිණෙන අතර මෙය ශ්‍රී ලංකාව තුල ලිපිකරු තනතුරකටවත් සුදුසු නොවන තත්වයේ දැනුමක් තියන බවට වාර්තාවේ. මෙසේ පැමිණෙන අය තානාපති කාර්යාලයේ සේවය කරන අතරතුර රාත්‍රී කාලයේදී සහ සති අන්තයේදී පැට්‍රල් ෂෙඩ්වල සහ takeaway ෂොප්වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරනබවට මේ පිලිබදව ගවේෂණය කරපු දමිළ ඩයස් පෝරාවට හිතැති ටෙලිවිෂන් නාලිකාවක් සියලු තොරතුරු සහ පුද්ගලයින් හදුනාගෙන මේවන විටත් වාර්තා වැඩසටහනක් නිර්මාණය කරමින් සිටින බවට අපට තොරතුරු ලැබී ඇත .

එම තොරතුරු වලට අනුව පසුගිය වසර කීපය තුලදී බ්‍රිතානයේ තානාපති කාර්යාල සේවයට පැමිණි නුසුදුසු පුද්ගලයින් මෙසේ නීතිවිරෝධී ලෙස පැට්‍රල් ෂෙඩ් වල , කඩවල සහ takeaway ෂොප් වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන දර්ශන සහ ඔවුන් බ්‍රිතානයේ තානාපති කාර්යාලයේ සේවය කරන අයුරුත් තහවුරු කරගෙන තිබෙන බව වාර්තාවේ .

මෙම වාර්තාවට අනුව මෙය රාජපක්ෂ පවුල් ගහ සෙවනේ වන රැකියා ජාවාරමක් ලෙස හදුන්වනු ලබයි . මේ අතර රජයේ විවිධ තනතුරු සහ ත්‍රිවිද හමුදාවේ සේවය කල ඉහල නිලධාරීන්ගේ දරුවන්ද සිටින බවට ඉහත සදහන් නාලිකාව හදුනාගෙන ඇතිබව වාර්තාවේ. පසුගිය කාලයේදී සහ වර්තමානයේ කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන තානාපති කාර්යාලයේ සේවකයින්ගේ සියලුම තොරතුරුද මෙම වාර්තා වැඩසටහනේදී දැකගැනීමට හැකිවන බවත් කියවේ..

තානාපති කාර්ය මණ්ඩලයේ සේවකයින් නයිට් කඩ වල සහ ෂෙඩ් වල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කරන මට්ටමට වැටීම අතිශයෙන්ම කණගාටුදායකය . අනෙක් කරණය නම් බ්‍රිතානය තුල කෑෂ් ඉන් හෑන්ඩ් රැකියා කිරීම නීති විරෝදී ක්‍රියාවක් වීමයි .තානාපති කාර්ය මණ්ඩලයේ සේවකයින් මෙසේ ක්‍රියාකිරීම තුල අනාගතයේදී .තානාපති කාර්ය මණ්ඩලයට සේවකයන් ගෙන්වීමට ඇති ඉඩකඩ අහිමිවීමේ අවධානමක්ද ඇති බව නොකියම බැරිය. අනෙක් කරණය නම් වර්ථමාන මහ කොමසාරිස් වරියගේ අකර්මන්‍ය තාවයයි අවසන් වරට ඇය තානාපති කාර්යාලයට පැමිණි දිනය නම් කරන කෙනෙකුට තෑගි පිරිනමන බව බ්‍රිතානයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයින් පවසයි.

මිට පෙරද බ්‍රිතාන මහා කොමසාරිස් කාර්යාලය සහ එහි තිබෙන අවාසනාවන්ත තත්වය පිලිබදව විවිධ තොරතුරු අන්තර්ජාලයේ පලවූ බවත් අපට මතකය.

විශේෂ ලිපිකරුවකු විසිනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න