යොහානිගේ මැණිකෙට මෝදිගෙ හිත යයි

යොහානිගේ මැණිකෙට මෝදිගෙ හිත යයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය භාවිතා කර  ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

‘Yehi Modi, Yogi, Upyogi, Upyogi…aayegi phir se BJP’යන උත්තර් ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම ඡන්ද ගීතය පද රචනය කර ඇත්තේ ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේ දී ඔවුන් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ මහ ඇමති යෝගිටයි යන පණිවිඩය ඡන්දදායකයින් වෙත යොමු කිරීම සදහායි එම මාධ්‍ය වාර්තා=වල සඳහන් වේ.

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තක් වූ උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.

යොහානි සිල්වා සහ මැණිකේ මගේ හිතේ ගීතය මීට පෙර ඉන්දීය අගමැතිවරයාගේ පැසසුමට ලක් වූ අතර ඉන්දීය ජාතිකයන් කෝටි ගණනකගේ හිත දිනා ගැනීමට යොහානි සමත් වී ඇති බව ඔහු පවසා තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න