ලිට්‍රෝ සමාගම රජයේ විගණනයෙන් ඉවත් වෙන්න දැඩි උත්සාහයක් දැරුවා - චරිත හේරත්

ලිට්‍රෝ සමාගම රජයේ විගණනයෙන් ඉවත් වෙන්න දැඩි උත්සාහයක් දැරුවා -  චරිත හේරත්

රජයේ සමාගමක් වන ලිට්‍රෝ සමාගම පසුගිය කාලයේ රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසීය.

එම සමාගම රජයේ විගණනයට එරෙහිව උසාවි ගොස් නීතිඥා ගාස්තු සඳහා පමණක් එම සමාගමේ මුදලින් රුපියල් කෝටි 2 ක් වැයකර ඇති බවත් එය ඉතාම බරපතල තත්වයක් බවත් මහාචාර්ය චරිත හේරත් සඳහන් කළේය.

රජයට කොටස් සියයට 50 ක් නොව සියයට 98 ක් පමණ හිමි ව්‍යාපාර රජයේ විගණනයෙන් ඉවත්වීමට උත්සාහක කළ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ඇති බවත් ලිට්‍රෝ සමාගම 2021 වසරේ විගණකාධිපතිවරයාගේ විගණනයට එරෙහිව උසාවියෙන් වාරණ නියෝගයක් ලබාගත් බවත් මහාචාර්ය චරිත හේරත් කීය.

- lankadeepa

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න