හිතට එකඟව ඉන්න බෑ : තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

හිතට එකඟව ඉන්න බෑ : තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

දැනගන්නට ඇති ආකාරයට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත ‍යොමුකර ඇත.

තමන්ට තවදුරටත් එම ආයතනය තුළ හිතට එකඟව වැඩ කටයුතු කර ගැනීමට නොහැකි බැවින්‌ තමන්‌ මෙලෙස එම සභාපති ධුරයෙන්‌ ඉල්ලා අස්‌ වූ බව ඔහු පවසා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

මේ වන විට රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර ඇතමුන් ඉවත් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටියි.

ආණ්ඩුව ආරම්භයේ රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත්කිරීම විද්වත් කමිටුවක නිර්දේශ මත සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා කමිටුවක් ද පත්කළ නමුත් දැන් අවුරුදු 2ක් ඉක්මයන තැන එවැනි කමිටුවක් සොයාගැනීමට හෝ නොමැති බව දේශපාලන විචාරකයන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න