පාපැදියෙන් සෞභාග්‍යයට යන්න කැබිනට් පත්‍රිකාවක් ?

පාපැදියෙන් සෞභාග්‍යයට යන්න කැබිනට් පත්‍රිකාවක් ?

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

එසේම පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩසටහනක් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

වායු දුෂණය අඩු කිරීම කාලය අපතේ යාම වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන රෝග පාලනය කිරීම ඇතුළු තවත් කාරණා ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

වාහන තදබද ඇති විට එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් අහිමි වන බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බවත් ඔහු සදහන් කලේය.

පාපැදිය භාවිතා කිරීම මගින් සෑම කිලෝමීටර් එකටම රුපියල් 236 ඉතිරි කල හැකි බවත් එමගින් රජයට රුපියල් 339ක ලාභයක් ලැබන බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්ධන හිඟයට පිළියමක් ?

ඉහත පුවත ලංකා සීනිව්ස් ඇතුළු ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.

කෙසේ වුවත් මේ වන විට ආර්ථික ක්ශේත්‍රය මුලුමනින්ම අර්බුදයට පත්කර ගෙන ඇති ආණ්ඩුව දරුණු ඉන්ධන හිඟයකටද මුහුණදී සිටියි.

ඉන්ධන හිඟවී ඇත්තේ ඒවා ආනයනය කිරීමට ඩොලර් නොමැති නිසාය. මේ තත්ත්වය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නා ලෙස විපක්ෂයේ මෙන්ම ආර්ථික විශේෂඥයන් දිගින් දිගටම පෙන්වා දුන්නත් කුමන හෝ හේතුවක් නිසා ආණ්ඩුවේ ආර්ථිකය හසුරවන ප්‍රධානීන් ඊට යොමුවන්නේ නැත.

ඒ අනුව මහින්ද අමරවීර කියන මේ පාපැදි කැබිනට් පත්‍රිකාව අන් කිසිවක් නොව ඉදිරි ඉන්ධන හිඟය සම්බන්ධයෙන් වන පූර්ව දැනුම්දිමක් බව විචාරක මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න