එතනෝල් ව්‍යාපාරිකයාට රැකවරණය දීලා : රාජ්‍ය ඇමතිට තට්ටු වෙයිද ?

එතනෝල් ව්‍යාපාරිකයාට රැකවරණය දීලා :  රාජ්‍ය ඇමතිට තට්ටු වෙයිද ?

නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන ආ බවට චෝදනා එල්ලවී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රධානින් දැඩි පියවරක් ගැනීමට සූදානම් වන බව ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය බුද්ධි අංශවලින් සම්පූර්ණ වාර්තාවක් දැනටමත් ලබාගෙන ඇතැයි පවසන එම ආරංචි මාර්ග ජනාධිපතිවරයා සිද්ධිය කැබිනට් මණ්ඩලයටද ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇතැයි සඳහන් කරයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු කිසියම්වූ ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දැනගන්නට ඇත.

චෝදනාවට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ එම අමාත්‍ය පදවිය මේ යටතේ අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද සඳහන් වේ.

මෙහි ව්‍යාපාරිකයා කලකට පෙර විදේශගතව ඇතැයි පැවසෙන්නේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අවස්ථාවේදීය.

ව්‍යාපාරිකයා මෑතකදී මෙරටට පැමිණ එම දේශපාලඥයන් මාර්ගයෙන් පොලිසියට බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඇප මත මුදාහරිනු ලැබ සිටියේය.

දේශපාලඥයන් දෙදෙනා එම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන පැමිණ ඇතැයි පැවසෙන්නේ මීට දින කිහිපයකට ඉහතදීය.

-Lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න