බැසිල්ගේ IMF ගමනට රනිල්ගෙන් තල්ලුවක් !

බැසිල්ගේ IMF ගමනට රනිල්ගෙන් තල්ලුවක් !

පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා IMF වෙත යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දරන උත්සාහයට කිසිඳු අකාරයකින් බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය , රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඔහු මේ බව පවසා ඇත්තේ, පුත්තලම තම්බපන්නි වෙරල අසල පිහිටි 'බෙතලි (Bethany) නිවස්නයේ ඊයේ (29) පැවැති 'බෙතනි කතිකාව' ට එක්වෙමිනි.

 මෙම 'බෙතනි කතිකාව' සඳහා සමාජ නිර්මාණවේදීන් රැසක් එක්ව සිටි බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පත සමග මුදල් අමාත්‍ය බැසිල් රාපපක්ෂ සිදුකර ඇති සම්මුඛ සාකච්ඡාවේදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට ද රජය අදහස් කරන බව සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

 ලංකාව මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය හිටපු අගමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට ගිය අවස්ථා තුනකදී, එනම් 1989, 2001 හා 2015 දී තමා IMF සමග සාකච්ජා කොට රටට කිසිඳු ආකාරයෙන් අවාසිදායක නොවන කොන්දේසි යටතේ ආධාර උපකාර ලබාගත් ආකාරය පෙන්වාදී ඇති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, යලි රට ගොඩනැගීම සඳහා දිර්ඝකාලින විසඳුමක අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න