Language Switcher

Ad

Ad 01

V2025

ඩොලර් මිලියන 500 යේ ණය ගිවිසුමට අත්සන් තැබෙයි !

ඉන්ධන අර්බුදයට සහන සැලසීමේ අරමුණින් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල් ලබාගැනීමට අදාළ ගිවිසුමට අද (02) අත්සන් තබා ඇත.

ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජිතයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර එම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ද එක්ව සිටියහ.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ටිව්ටර් සටහන තබමින් ප්‍රකාශ කර ඇත්තේ "අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි!" යනුවෙනි.