ඔමික්‍රෝන් ගැන අවධානයෙන් දේශපාලනය කරන්න : රනිල්ගෙන් උපදෙස් !

ඔමික්‍රෝන් ගැන අවධානයෙන් දේශපාලනය කරන්න : රනිල්ගෙන් උපදෙස් !

එජාප උද්ඝෝෂණ, විරෝධතා සහ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී දිනෙන් දින උග්‍ර වන ඔමික්‍රෝන් වෛරසය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කර ක්‍රියා කරන ලෙස , හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් ලබාදී ඇත.

ඔහු මේ උපදෙස් දුන්නේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද (3) පැවති සාකච්ඡාවකදීය.

දිවයිනේ සෑම ප්‍රදේශයකම ඔමික්‍රෝන් රෝගීන් වැඩි වශයෙන් හමුවන තත්ත්වයක් යටතේ පක්ෂයේ දේශපාලන නායකයන්ගේ මෙන්ම පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ගැන මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දැනුවත් කරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ දේශපාලන දර්ශනය අනුව ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමෙිදී කටයුතු කළ යුත්තේ ඔමික්‍රෝන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් බවද එජාප නායක රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල වැඩිදුරටත් සඳහන් වේ .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න