වැඩ ලක්ෂයක් සමග : බැසිල් ජනාධිපති සටන අරඹයි ?

වැඩ ලක්ෂයක් සමග : බැසිල් ජනාධිපති සටන අරඹයි ?

සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ව්‍යාපෘතිය අද (03) පෙරවරු 8.52ට යෙදුණු සුබ මොහොතින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ආරම්භ කළේය.

රට සමෘද්ධිමත් දේශයක් කරා රැගෙන යාම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ඊට අදාළ මාධ්‍ය හමුවකදී සඳහන් විය.

එහිදී මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රට අසීරු අවස්ථාවක පැවතියද පස්වැදෑරුම් සංවර්ධන ක්‍රියාවලියක් මේ හරහා දියත් කිරීමට නියමිත බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රාජපක්ෂ කඳවුර තුළ ඊළඟ ජනාධිපති අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වීමට වැඩි ඉඩක් පවතින බවයි.

පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් නැවත මැතිවරණයක් සඳහා සහභාගි නොවන බව පැවසීමත් සමග බැසිල් රාජපක්ෂ වැඩි වැඩියෙන් පෙරට පැමිණ රාජපක්ෂ කඳවුරේ ගැලවුම්කරු තමන් බව හැගෙන ආකාරයට දේශපාලන කටයුතු දියත්කර ඇති බවත් ඔවුන් පවසයි.

කෙසේ වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම තීරණය වෙනස් කිරීමක් සහ මහින්ද රාජපක්ෂ විසින් 2024 ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොකිරීමක් සිදුවන තැනට බැසිල්ගේ දේශපාලන කටයුතු ඉදිරියට පැමිණ ඇති බවත් ඔවුන් නිරීක්ෂණය කර දක්වයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න