මෙහෙම ගියොත් විදුලිය කප්පාදු කරන්නම වෙනවා - ම.උ.කො

මෙහෙම ගියොත් විදුලිය කප්පාදු කරන්නම වෙනවා - ම.උ.කො

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට රටේ සියලු ජනතාව කටයුතු නොකළහොත් ඉදිරියේදී විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා තම කොමිසම විසින් ලබාදුන් නිර්දේශ පළාත් පාලන ආයතන ඇතුළු රජයේ ආයතන වලින් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමක් දක්නට නොලැබෙන බව ද එහි සභාපති ජනක රත්නායක සඳහන් කරයි.

අවස්ථා කිහිපයකදීම මෙම නිර්දේශ ගැන රජයේ ආයතනවල දන්වා ඇතත් ඊට අවධානය නොදැක්වීම කණගාටුවට කරුණක් යයිද ඔහු කියා සිටියේය.

එමෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද පවතින තත්ත්වය නොසලකා හරිමින් අනවශ්‍ය ලෙස ඩිජිටල් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින බවත් පැවසූ ඔහු විදුලිය පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවගෙන් පවා මේ මොහොතේ සහායක් නොලැබෙන බවද පැවසීය.

මේ ආකාරයට පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පොදුවේ සියලු දෙනා සහාය ලබා නොදෙන්නේ නම් විදුලිය කප්පාදුවක් හැර වෙන විසඳුමක් නැති බවද ඔහු අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න