සතියට කොරෝනා ආසාදිතයින් 30%ක් වැඩිවෙලා !

සතියට කොරෝනා ආසාදිතයින් 30%ක් වැඩිවෙලා !

ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ ඉකුත් සතියට සාපේක්ෂව මෙම සතියේදී වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ද සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මේවනවිට වාර්තා වන කොරෝනා මරණ වලින් බහුතරයක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.

මේවනවිට මෙරට ජනගහනයෙන් සියයට 39 ක ප්‍රතිශතයකට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබෙන බවත් එය සියයට 70 ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය කරගත හොත් ජනජීවිතය තවදුරටත් සාමාන්‍ය පරිදි පවත්වාගත හැකි බවත් ඔහු පවසයි.

අද දිනයේ මරණ 29යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (03) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 29ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,544ක් දක්වා ඉහළගොස් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න