පාස්කු ප්‍රහාරකයින් රකිනවාද ? රාජ්‍ය අමාත්‍යවරයාටත් සැකයක් !

පාස්කු ප්‍රහාරකයින් රකිනවාද ? රාජ්‍ය අමාත්‍යවරයාටත් සැකයක් !

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමටත් කටයුතු නොකළ පිරිස් ආරක්ෂා කරන බවට තමන්ට ද කතෝලිකයෙක් ලෙස සැක සිතෙන බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ කියා සිටියේ පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මාධ්‍ය අමතමිනි.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

‘පාස්කු ප්‍රහාරය වේලාවේ මේ පිළිබදව තොරතුරු වසං කළා කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැ කියලා, එදා හිටපු පොලිස්පතිතුමා අද ඉන්නේ හිර ගෙදර නම්, එදා හිටිය ආරක්ෂක ලේකම් අද ඉන්නේ හිර ගෙදර නම්, ඔය කියන කාල සිමවේදි හිටපු ජනාධිපතිවරයාට මූක්තිය කියන එකකුත් තිබුණේ නැත්නම්, සේනාවිධායක හිටපු සිරිසේන ජනධිපතිවරයාගෙන් කට උත්තරයක් වත් ගන්නේ නැත්නම්, රජය පැත්තෙන් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කියන එක ගැන කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්ෂියත් කතා කරනවා.

ඒ නිසා අද ජනාධිපතිතුමා අගමැතිතුමා යම් කිසි දෝෂාරෝපනයක් ලබනවා නම්,අ පේ නායකයෝ දෙදෙනාත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න උවමනායි’

-Cnews

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න