රාගම වෛද්‍ය පීඨ සිද්ධියේ මන්ත්‍රී පුතා ඇතුළු කණ්ඩායමට ඇප

රාගම වෛද්‍ය පීඨ සිද්ධියේ මන්ත්‍රී පුතා ඇතුළු කණ්ඩායමට ඇප

රාගම වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 09 දෙනා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

කෙසේවෙතත් එක් සැකකරුවෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබීම සහ තවත් සැකකරුවෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

තවත් සැකකරුවන් දෙදෙනෙකු රාගම පොලීසිය අද මහෙස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර නඩුව අද කැදවූ අවස්ථාවේ පොලීසිය දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන බොහෝ දුරට අවසන් කර ඇති බවය.

නීතිඥයින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන්ට යළි මෙවැනි ආකාරයේ ගැටුම්වලට මැදිහත් නොවන ලෙස තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එක් සැකකරුවෙකු රුපියල් 5,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.

තවද සැකකරුවන් සියලු දෙනාට විදෙස් ගමන් තහනම් කර ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු කාලයේදී රාගම පොලිසීයේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න