පොල් මණ්ඩලේ සභාපති දුවද්දී දැවීයයි !

පොල් මණ්ඩලේ සභාපති දුවද්දී දැවීයයි !

පොල් සංවර්ධන අධිකාරිය සභාපති තිලක් වීරසිංහට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන විසින් මෙම දැනුම්දීම කර ඇති බවත් වාර්තා වෙයි.

ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පසුගිය පස්වැනිදා දන්වා යැවූ බවත් ඒ අනුව ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත එවනු ඇතැයි බලාපොරොත්තු වන බව ලේකම්වරයා පැවසූ බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත.

ඊට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද දැනුම්දීමක් අනුව මෙසේ ඉල්ලා අස්වන ලෙස සභාපතිවරයාට දැනුම් දුන් බවත් ලේකම්වරයා පවසා ඇත.

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහර දීමේ සිද්ධියට රැගෙන ගිය වාහනය පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් වීම හේතුවෙන් එහි වගකීම ආයතන ප්‍රධානියා විසින් දැරිය යුතු බව බැවින් මෙම පියවර ගෙන ඇතැයි ද ලේකම්වරයා සඳහන් කර තිබේ.

එම සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ පවත්වන බවද ලේකම්වරයා තව දුරටත් පවසා ඇත.

මෙම පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා රාගම වෛද්‍ය සිසුන්ට එල්ලකළ මැර ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට ගොස් මාධ්‍ය හමුවේද අසරණ විය. ඒ මාධ්‍යවේදීන් යොමුකළ තීරණාත්මක ප්‍රශ්න වලට පිළිතුරු නොදන්නා බව පැවසීම නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න