Language Switcher

V2025

මෛත්‍රීගේ විශ්වාසභංග යෝජනාවට ජවිපෙ සහය හිමිවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තම පක්‍ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පවසයි.

මෙම විශ්වාස භංගය මහින්ද රාජපක්‍ෂ මහතා මුල් වී ගෙනෙන බව පෙන්වූවාට සැබෑවටම ඊට මුල් වී කටයුතු කරන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් යයිද ඔහු සදහන් කරයි.

මෙම විශ්වාස භංගයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්‍ෂකයා ලෙස කටයුතු කරන්නේද මහින්ද රාජපක්‍ෂ මහතා බවත් කතානායකවරයා වෙත විශ්වා භංගය බාර දීමට හිටපු ජනාධිපතිවරයා රැගෙන ගියේ මස් කඬේට ගෙනියන ගවයෙක් ලෙසින් යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියි.