මැති ඇමතිලා මාසයකට වරක් පාපැදියෙන් ඒවි - අමරවීර

මැති ඇමතිලා මාසයකට වරක් පාපැදියෙන් ඒවි - අමරවීර

මැති ඇමැතිවරුන් ද ඉදිරි දිනවල පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මැතිඇමතිවරුන්ට පාපැදියෙන් පැමිණීම ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් එකවරම ක්‍රියාත්මක කළ නොහැකි වුවත් සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන්ඨ පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇති බව තම විශ්වාසය බවයි. 

දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන බවද සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න