ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන - ගම්මන්පිල

 ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන - ගම්මන්පිල

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ.

ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ මෙම නෞකාව ලබා දී ඇත.

මේ අතර ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ 
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා  ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව විසින්  ලබාදීමට නියමිත බවය.
 
එම ණය මුදල සැකසෙන තුරු මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දියාව විසින් ලබාදීම අද දින (2022.02.15) කොළඹ වරායේ දී සිදුවූ බවත් ඔහු පවසයි.
 
ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් රැගෙන ආ මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල වෙත ලබාදුන් අතර  වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මේ සදහා එක්වු
බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න