දැනුවත්ව හෝ නොදැනුවත්ව ආණ්ඩුවම ගව ගාලකට සමාන කිරීමක් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත වෙතින් සිදුව ඇත.
ඒ "ගව ගාලක ගවයන් දෙන්නෙක් කලබල කරලා වැට කඩාගෙන ගියාට ඉන් ගවගාලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ" යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසීම නිසාය.
අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ 19 වනදා මහනුවර වැව රවුමේ උඩරට කලා සංගම් ශාලාවේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.
මාධ්‍යවේදීන් එහිදී විමසා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අතර හඩ පට සිද්ධිය සම්බන්ධයෙන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
