හෙට (23) දිනයේ පැය 4 කුත් විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.
මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ඉන්ධන හිඟය නිසා මේ විදුලිය කප්පාදුව සඳහා ඉල්ලීම් කර ඇති බව ය.
ඒ අනුව A, B සහ C කලාප සඳහා පැය 4 කුත් විනාඩි 40 ක් සහ අනෙකුත් කලාපවලට පැය 4 කුත් විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබෙන බවය.
මේ අතර උද්ගතවී ඇති විදුලිය සහ තෙල් අර්බුදය පිළිබදව විශේෂ කැබිනට් හමුවක් මේ වනවිට පැවැත්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
