කබ්‍රාල්ගේ යෝජනාවලට බැසිල් විරුද්ධ වෙලා !

කබ්‍රාල්ගේ යෝජනාවලට බැසිල් විරුද්ධ වෙලා !

විදුලි සහ ඉන්ධන අර්බුදය මගහැර ගැනීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් විසින් ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනා වලට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට මහභාණ්ඩාගාර අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද සහභාගී වී ඇති අතර එහිදී මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන්.

මහ බැංකු අධිපති මෙසේ කැබිනට් මණ්ඩලය වෙත පැමිණ ඇත්තේ ජනාධිපතිවරයාගේ විශේෂ කැදවීමකට අනුව බවත් දැනගන්නට ඇත.

මහ බැංකු අධිපති මේ වන විට කැබිනට් අමාත්‍යවරයකු සතු බලතල ඇතුව සිටියත් , ඔහුගේ යෝජනා මුදල් අමාත්‍ය බැසිල් ප්‍රතිකේෂ්ප කර ඇත්තේ පැහැදිලි මත ගැටුමක් හේතුවෙන් බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපති අතර පැහැදිලි මත ගැටුමක් පසුගිය කාලයක් තිස්සේ නිරීක්ෂණය වූ බවයි.

විශේෂයෙන් ණය අර්බුදය පියවා ගැනීම වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නට අපේක්ෂා කළත්, ඒ සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත දැක්වූ අදහස් පවා මහ බැංකු අධිපති යළි අර්ථකථනය කරමින් අදහස් දැක්වූ බවත් විචාරකයන් සිහිපත් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න