ආණ්ඩුව ජන්ද නාම ලේඛනයත් අනාගෙන : එජාප මහ ලේකම් පෙන්වා දෙයි

ආණ්ඩුව ජන්ද නාම ලේඛනයත් අනාගෙන : එජාප මහ ලේකම් පෙන්වා දෙයි

"මේ ආණ්ඩුව ග්‍රාම නිලධාරීන් වැඩිපුර මුදලක් ඉල්ලුවා කියලා ඒ මුදල ගෙවීමට නොහැකියාව නිසා ජන්ද නාම ලේඛනය online ක්‍රමයට ලියාපදිංචි වීමේ ක්‍රමය සලසලා තියනවා.මේ තත්වය නිසා පසුගිය වසරවල් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ වසරේ ලොකු වෙනසක් තියනවා.ඒ වෙනසේ තියනවා අඩුවක්." යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි.

එජාප මහ ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමග අද (23) පැවතී සාකච්ජාවකට එක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේ පැවසීය.

1948 මහාමාන්‍ය ඩී.එස් .සේනානායක මැතිතුමා අපේ රටේ ජනතාවට සර්ව ජන ජන්ද බලය ලබල දුන්න. 1960 දී C .P .J සෙනෙවිරත්න මැතිතුමා මේ ජන්ද නාම ලේඛන ගත කරනකොට ග්‍රාම සේවක මහත්වරුන් විසින් නිවසින් නිවසට ගිහිල්ලා ජන්ද නාමලේඛන ලේඛන ගත කිරීමටත්. එය බොහෝ දුරට සිදු වෙනවද බැලීමටත්,කුමන හෝ හේතුවක් මත අතහරෙනවද බැලිමටත්, පක්ෂ නියෝජිතයින්ට ඒ පිළිබඳ පරික්ෂා කරලා බලන්නත්, අවකාශය හදල දුන්නා.මේ අයිතියට අද ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා .දැන් මේ ආණ්ඩුව ග්‍රාම නිලධාරීන් වැඩිපුර මුදලක් ඉල්ලුවා කියලා ඒ මුදල ගෙවීමට නොහැකියාව නිසා ජන්ද නාම ලේඛනය online ක්‍රමයට ලියාපදිංචි වීමේ ක්‍රමය සලසලා තියනවා.මේ තත්වය නිසා පසුගිය වසරවල් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ වසරේ ලොකු වෙනසක් තියනවා.ඒ වෙනසේ තියනවා අඩුවක්.

දවසින් දවස ජන්ද දායකයින් ප්‍රමාණය වැඩි වෙනවා. වයස අවුරුදු 18 සම්පුර්ණ වෙන ප්‍රමාණය වැඩි වෙනවා.නමුත් මෙතන ලියාපදිංචි වන ජන්ද දායකයින් ප්‍රමාණය අඩු වෙනවා.මේ නිසා සර්ව ජන ජන්ද බලයටත්,මිනිස්සුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකමටත්, හානියක් සිදු වෙනවා.ඒ නිසා ජන්ද බලය ආරක්ෂා කිරීමත්, මුලික මිනිස් අයිතිවාසිකම් අරක්ෂා කිරීමත්, සිදුකළ යුතුයි.දේශපාලන පක්ෂ වල නියෝජිතයෝ වශයෙන් අපි මැතිවරණ කොමසාරිස් තුමා හමුවෙලා සාකච්ජා කරන්නේ මේ ප්‍රශ්නේ විසඳාගන්නේ කොහොමද කියලා .මිට අමතරව මැතිවරණ ක්‍රමය සහ ජන්ද පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් තුමා සියලු පක්ෂ කැඳවලා තියනවා. එක වෙනම කාරණයක්.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න