ප්‍රේමලාල්ගේ (චොකා) පෙත්සමේ තීන්දුවට දින නියම වෙයි !

ප්‍රේමලාල්ගේ (චොකා) පෙත්සමේ තීන්දුවට දින නියම වෙයි !

රත්නපුර මහාධිකරණය විසින් තමන්ට එරෙහිව නියමකරනු ලැබූ මරණීය දණ්ඩනයෙන් තමන් නිදෙස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර  ඇතුළු විත්තිකරුවන් තිදෙනකු ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම් විභාගයේ තීන්දුව ලබන මාර්තු මස 31 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (24) දැනුම් දුන්නේය.

මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිම ආරම්භ වූයේ ඉකුත් 2021 වසරේ නොවැම්බර් මස 08 වැනිදාය.

වර්ෂ 2015 දී පැවැති ජනාධිපතිවරණය සමයේ කහවත්ත ප්‍රදේශයේ පැවැති එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට පහරදී පුද්ලයකු මරා දමා තවත් දෙදෙනකු තුවාල කිරීම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ඇතුළු තිදෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා නගනු ලැබ තිබිණී.

එම නඩුවේ විභාගයෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත්කළ රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරුවන් කකරමින් මරණීය දණ්ඩලය නියම කරනු ලැබුවේ ඉකත් 2020 ජුලි මස 31 වැනිදාය.

රත්නපුර මහධිකරණ විනිසුරුවරයා තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නිතියට පටහැනි බැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණී.

ඒ අනුව එම පෙත්සම් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබ මාර්තු මස 31 වැනිදාට ලබාදීමට තීරණය කළේය.

- lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න