ජාතිවාදී මෙහෙයුම් අනාථයි : වෛද්‍ය සාෆිට හිඟ වැටුප් සහ දීමනා ගෙවන්න නීතිපති එකඟවෙයි !

ජාතිවාදී මෙහෙයුම් අනාථයි  : වෛද්‍ය සාෆිට හිඟ වැටුප් සහ දීමනා ගෙවන්න නීතිපති එකඟවෙයි !

අන්තවාදී චෝදනාවක් මත වැඩතහනම් වූ වෛද්‍ය ෂාෆි සහබ්දීන් ට වැඩතහනමට ලක්ව සිටි කාලයට හිමි හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා (23) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය දැනුම් දෙමිනි.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මෙම දැනුම් කරනු ලැබීය.

වෛද්‍ය ෂාෆි සහබ්ඩීන් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දන්ගමුව සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි 31 වනදා තෙක් කල් දැමුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න