සජිත්ගේ ඉක්මන් ජනාධිපතිවරණ සිහිනය හබක් !

සජිත්ගේ ඉක්මන් ජනාධිපතිවරණ සිහිනය හබක් !

ඉක්මන් ජනාධිපතිවරණයක් අවශ්‍ය බව පසුගියදා සජබ සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණයක් අමතමින් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියත්, වසර දෙකහමාරයක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාටවත් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඊයේ (27) මාතර පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතානායක මෙසේද සඳහන් කර ඇත.

“ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකින් විසුරුවාහරිනවා හැරෙන්නට පාර්ලිමේන්තුව විසුරුවාහරින්න කාටවත් බැහැ. ජනාධිපතිතුමාටවත් බැහැ. කවුරුන් කිව්වත් ජනාධිපතිතුමාටවත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවාහරින්න බැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරු එකතුවෙලා මොනවා හරි වෙනසක් කරගන්නවා නම් ඒක වෙනම කතාවක්. නමුත් පාර්ලිමේන්තුව විසුරවාහරින්න වසර දෙකහමාරක් යනතුරු පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාටවත් බලයක් නැහැ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න