ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 06 ක් අත්සන් කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 06 ක් අත්සන් කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 කට අත්සන් තබා තිබේ.

විදේශ අමාත්‍යංශයේදී ඊයේ අදාළ ගිවිසුම් සඳහා අත්සන් කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව,

  • ඒ අනුව ඩිජිටල් අන්‍යනතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ,
  • සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම ,
  • යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.
  • විදේශ අමාතයංශය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම ,
  • ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක පරිගණක විද්‍යාගාර පිහිටුවීම සඳහා වන ගිවිසුම්වලට ද අත්සන් තැබූ බවයි.

මීට අමතරව සුශ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න