ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ 1990 සුවසැරිය පිහිටුවීමට කැපවූ ආචාර්ය හර්ෂ ද සිල්වා අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මූලස්ථානයේදී සිදුව ඇත.
මෙම අවස්ථාවේදී ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් පැවසුවේ ඉන්දීය සහයෝගයෙන් ආරම්භ කෙරුණු 1990 සුවසැරිය ගිලන්රථ සේවය අද තිබෙන තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බවයි. ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව පැවසූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා 1990 සුවසැරිය මෙරට ආරම්භ කිරීමට සිදුකළ කැපවීම වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා ට විශේෂ ස්තුතියක්ද පිරිනැමීය. මෙම අවස්ථාවට අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගීවී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
