රජයේ රෝහල්වල : ඖෂධ වර්ග 40 ක හිඟයක් !

රජයේ රෝහල්වල : ඖෂධ වර්ග 40 ක හිඟයක් !

මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ඖෂධ වර්ග 40 ක අඩුවක් රජයේ රෝහල් ආශ්‍රිතව පවතී.

මේ අතර රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසන ආකාරයට තවත් ඖෂධ වර්ග 60 ක තොග ප්‍රමාණවත් වන්නේ සතියත් – මාසයක් අතර කාලයකටය.

පවතින ඖෂධ හිඟය පිළිබඳව අමාත්‍යංශය දැඩිව අවධානය යොමු කර ඇති බවත් ලේකම්වරයා පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ ආනයනකරුවන්ට පහසුකම් සැපයීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ.

මීට අමතරව ලංකා බැංකුවෙන් ඩොලර් මිලියන 07 ක් හා මහජන බැංකුවෙන් ඩොලර් මිලියන 07 ක් ණය වර ලිපි නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

තත්ත්වය සමනය කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 20 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

(මූලාශ්‍රය news 1st )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න