ඉතිහාසයේ තවත් අඳුරුතම දවසක් ගැන හර්ෂ කියයි !

ඉතිහාසයේ තවත් අඳුරුතම දවසක් ගැන හර්ෂ කියයි !

"ලංකාවට විදේශ ණය සේවාකරණය කරන්න හැකියාවක් නොමැති බවත් එය අත්හිටුවන බවත් මුදල් අමාත්‍යංශය ඊයේ (12) නිළ වශයෙන් කිව්වා. අපිට දැන් කරන්නම දෙයක් නැති නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන අතර එහිදී වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

මේ නිසා, ඉදිරියේදී අපේ රටේ ජනතාවට, ව්‍යාපාරිකයන්ට ලොකු ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවේවි. ලැබෙන ඩොලර් ටික ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ගත්ත තීරණය හොඳ එකක්. අපි ඉස්සෙල්ලම මේක කිව්වා. මුලින්ම අපි කිව්වේ ලංකාවට මෙහෙම යන්න බෑ කියලා. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡා කරන්න කියල කිව්වා. එහෙම කිව්වේ මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුලුවන් ඩොලර් බිලියන 03 ගැන හිතලම නෙවෙයි. මූල්‍ය අරමුදලට ගියවිට අපිට ජාත්‍යන්තරයේ ලැබෙන විශ්වාසය ගැන හිතලා. එහෙම විශ්වාසය ගොඩනගා ගත්තා නම් අපිට මූල්‍ය වෙළෙඳපොළින් ණය ගන්න තිබුණා.

මුලින්ම ඒ පියවර ගත්තා නම් මේ විදිහට ණය අත්හිටුවන්න වෙන්නෙ නෑ. ප්‍රශ්නෙ ඔඩු දුවාගෙන එනකොට අපි කිව්වා, දැන් ණය ගෙවන්න බෑ, ජනතාව පෝලිම්වල නොතියා ජනතා ප්‍රශ්න විසඳන්න කියලා. ඒකත් ඇහුවෙ නෑ. ණය ගෙවලා ජනතාව පෝලිම්වල තිබ්බා. අන්තිමට මොකද වුණේ? ණය අත්හිටුවන්න වුණා. එතකොට විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 ක් විතර විනාශ කරගත්තා.

මේ විදිහට කොච්චර ප්‍රශ්න ඇතිවුණාද? දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේක තමයි. මේ කඩා වැටීම ගැන මම හදවතින්ම දුක් වෙනවා. මම මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට කරපු උත්සාහය ගඟට කපපු ඉණි වගේ අපතේ යෑම ගැන දුක් වෙනවා. හැබැයි, මම අවධාරණය කරල කියන්නේ මේ විනාශයට ලංකාව ඇදල දාපු අයට නිසි දඬුවම් දිය යුතුයි.

FQJ2FjdXIAUfXPo

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න