දිග ලිපියක් ජනාධිපතිට : ලිට්‍රෝ ගෑස් සභාපති තෙසාර ඉල්ලා අස්වෙයි !

දිග ලිපියක් ජනාධිපතිට : ලිට්‍රෝ ගෑස් සභාපති තෙසාර ඉල්ලා අස්වෙයි !

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති අතර ඒ අලුත් අවුරුද්ද උදාවූ ඊයේ (14) දිනට දාවය.

පොදුජන පෙරමුණ ආණ්ඩුව සමයේ ගෑස් මාෆියාව මෙන්ම වත්මන් රටේ පවතින තත්ත්වය ඇතුළු කරුණු රැසක් මේ ඉල්ලා අස්වීමේ ලිපියේ ඇතුළත් ය.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ තෙසාර ජයසිංහ "එකමුතුව" නමින් සංවිධානයක් පිහිටුවාගෙන ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ අයෙකු විය.

ඒ අනුව ගෝඨාභය ජනාධිපති ලෙස පත්වූ වහාම ඔහුව තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබූ අතර පසුව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්කෙරිණ. 2021 ජුලි 08 වෙනිදා එකි පත්වීම සිදුකර සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගයක් මත එතෙක් ලිට්‍රෝ සමාගමේ සභාපති වූ අනිල් කොස්වත්ත ඉවතට දමමින්‍ ය.

තෙසාර ජයසිංහ ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වෙයි.

Gass Latter 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න