උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ඇද්දා : ශ්‍රී ලන්කන් පිළිගනියි !

උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ඇද්දා : ශ්‍රී ලන්කන් පිළිගනියි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

එසේම ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව එම භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රඳවා තබා ගන්නා බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ බව සඳහන් කරන නමුත් උගන්ඩාව වෙත ගෙනගියේ මොනවද යන්න එහි සඳහන් නැත.

ශ්‍රී ලංකන් සමාගම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.!

‘2021 පෙබරවාරි මාසයේ දී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි.

මෙම ගුවන් භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට රටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාව ලැබිණි.

මෙම භාණ්ඩ ඇණවුම වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරයි’ යනුවෙන් ශ්‍රී ලංකන් සමාගම සිංහල භාෂාවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව ඇති කරගත් ගිවිසුම් ගත බැඳීම් මත මෙම භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු රඳවා තබා ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව ඉතා බරපතල කරුණක් වෙත රටේ පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතුය.

ඒ සන්ඩේ ටයිම්ස් විසින් 2021 අප්‍රේල් තොරතුරු දැනගැනීමේ පනත මගින් මේ පිළිබදව සිදුකල විමසීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දැන් සම්පූර්ණ විස්තරයක් නොමැති පතෝල පන්නයේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත්තේ ඇයිද යන්නය.

Screenshot 20220415 102643 Office 1024x1024

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න