ඉන්ධන නිකුත් කිරීමත් සීමා වෙයි

ඉන්ධන නිකුත් කිරීමත් සීමා වෙයි

අද දහවල් 1.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට මෝටර රථය, කාර් සහ වෑන් රථ රු. 5000, ත්‍රිරෝද රථයකට රු.1500 සහ යතුරුපදියකට රු. 1000ක් ලෙස මින් ඉදිරියට ඉන්ධන නිකුත් කිරීම කෙරේ.

වාණිජ කටයුතු සඳහා යොදා ගනු ලබන වාහන සඳහා මෙම සීමාව බලනොපැවැත්වෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර, බූලි සඳහා ඉන්ධන අවසරයක් නොමැතිව නිකුත් නොකරන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ අනිසි තොග එක් රැස් කිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පළ කරමින් අද ගාල්ල පින්දූව ප්‍ර දේශයේදී විරෝධතාවක් පැවැත්විණ.

මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ, ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුම අසල පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසකි.

ඔවුන් චෝදනා කළේ කෑන් සඳහා ඉන්ධන ලබා නොදීමට ගත් තීරණය අසාධාරණ බවයි.

ඉන්ධන පිරවුම්හල් සේවකයින් කෑන් සඳහා ඉන්ධන ලබා දීම ප්‍රතික්ශේප කිරීමත් සමග තත්ත්වය උණුසුම් විය. .

විරෝධතාවය හේතුවෙන් ගාල්ල පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමේ රථ වාහන ගමනාගමන කටයුතුවලට බාධා මතු බව වාර්තා වේ.

මේ අතර ඊයේ දින පැමිණා ඩිසල් මෙට්‍රික් ටොන් 41,000 මේ වන විට ගොඩබාමින් පවතින බව ඛණිජ තෙල් නිතිගත සංස්ථාව පැවසිය.

එයට මෙරටට ලැබුනේ ඉන්දීය ණය ආධාර යටතේයි.

එම ඉන්ධන තොගය දින 06 කට ප්‍රමාණවත් බව සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න