Language Switcher

V2025

එළවනතුරු නොසිට යන්න : ශ්‍රීලනිපය මහින්දට දන්වයි !

අගමැති ධුරයෙන් ගෞරවාන්විතව ඉල්ලා අස්වන වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් , දයාසිරි ජයසේකර විසිනි.

එහිදී ඔහු සඳහන් කර සිටින්නේ විශ්වාස භංගයකින් ඉවත් කරන තෙක් බලා නොසිට ගෞරවාන්විතව ඉල්ලා අස්වන්නැයි අවස්ථා කිහිපයකදීම අගමැති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටි බවත් නමුත් එය නොතකා තවදුරටත් ධුරයේ රැඳී සිටින්නේ නම් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට සිදුවන බවය.

මේ බව රජයට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

විශ්වාසභංගක් මගින් ධුරයෙන් ඉවත් කිරීම අගමැති මහින්ද රාජපක්ෂ වැන්නකුට නොගැලපෙන නිසා ඊට පෙර ඉවත් වන්නැයි ගෞරවාන්විතව ඉල්ලා සිටි බවද ශ්‍රීලනිප මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.