අගමැතිට එරෙහි පා ගමනේ පොලු මාට්ටු : මෛත්‍රීට යකා නැගලා

අගමැතිට එරෙහි පා ගමනේ පොලු මාට්ටු : මෛත්‍රීට යකා නැගලා

“ඒකාධිපති අගමැති පන්නනු.. නව අගමැතිවරයෙක් පත් කරනු!" යන සටන් පාඨයෙන් යුතුව මහනුවර සිට කොළඹ දක්වා පැමිණෙමින් සිටින එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පෙළ පාලියට ගෙන ආ බව කියන කුරුඳු පොලු තොගයක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

වාහනේ මෛත්‍රී ගුණරත්නගේ පාර්ශවයේ !

policeඅදාළ කුරුඳු පොලු තොගය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී police 3ගුණරත්න මහතාට අයත් බව කියන අති සුඛෝපභෝගී ජීප් රථයක තිබියදීය.

මේ කුරුඳු පොලු තොගය සමග අදාළ වාහනය ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙනා තිබෙන අතර මේ වන විට එම ජායාරූප සමාජ මාධ්‍ය ජාල අතර සරණය වෙමින් තිබේ.

කොළඹ එන්න පෙර නවත්වන සුදානමක් !

එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කල මෙම පාගමන මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනය අසලින් අද (31) ආරම්භ වූ අතර එය එළඹෙන 4 වනදා කොළඹට පැමිණීමට නියමිතව තිබිණ.

මෙම පාගමනේ අද ගමනාන්තය මාවනැල්ල නගරය වන අතර අතරමග කිසියම් ගැටුමක් නිර්මාණයකර ගෙන පා ගමන කඩාකප්පල් කළ බව පෙන්වා එය නවතා දැමීමේ සුදානමක් ඇති බවට තොරතුරුද මේ වන විට අනාවරණය වී ඇති බව බුද්ධි අංශ නිලධාරීන් සඳහන් කරයි.

එහෙයින් සමස්ථ පා ගමන සංවිධායකයින් විසින් අවසන් කරන තුරු ඊට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ පොලිස් ඒකක සුදානමින් තබා ඇති බවද වාර්තා වෙයි.

පා ගමනට උපරිම 100 යි !

5db3de55 1716 41b3 a9c9 9eefeb794061 2දහස් ගණන් ජනතාව මේ පා ගමන සඳහා පෙළගස්සවන බවට මෛත්‍රී ගුණරත්න ඇතුළු සංවිධායකයන් පාරම් බෑවද මේ වන විට ඒ සමඟ සිටින්නේ 100-150ක පමණ පිරිසක් පමණක් බවත් ඔවුන්ගෙන්ද බහුතරය තුන්වේල ආහාර සහ මත්පැන් සමඟ දිනකට රුපියල් 2000 ක කුළී පදනමකට ලබාගත් අය බවද වාර්තා වෙයි.

එසේම රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් රැසක්ද විටින් විට පා ගමනේ ගමන් කර ඉන් ඉවත්ව යන බවත් වාර්තා වෙයි.

පොලු තිබ්බ පාර්ශව ගැන මෛත්‍රී උදහසින්

මේ සම්බන්ධව අපට තොරතුරු වාර්තා කළ මහනුවර ප්‍රදේශයේ හිතවතෙකු සඳහන් කර සිටියේ පෙළපාලිකරුවන්ට වඩා පොලිස් කණ්ඩායම අධික බවත් මෛත්‍රී ගුණරත්නට සහය දෙන පිරිස් "පොලු" තැබීම සම්බන්ධව දැඩි කෝපයෙන් පසුවන බවය.

එසේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් ද මෙම පාගමන සඳහා එක්වීමට නියමිතව සිට ඇති නමුත් එම පාර්ශවයේ ඉහළ නායකයකු අවසන් මොහොතේ එම පිරිස වළක්වාලු බවට මෛත්‍රී ගුණරත්න සඳහන් කර තිබෙන බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න