උතුරේ ආර්ථිකය නංවන්න : ඇමති මංගල - විගී සාකච්ඡා

උතුරේ ආර්ථිකය නංවන්න : ඇමති මංගල - විගී සාකච්ඡා

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පසුගියදා යාපනයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් හමුවී 2018 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි උතුරු පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

උතුරු පළාත් සංවර්ධන කටයුතු වෙනුවෙන් 2018 අයවැය හරහා රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් වෙන්කර ඇති අතර මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම අමාත්‍යංශයේ ජේෂ්ට නිලධාරීන් සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 ක දිස්ත්‍රික් ලේකම්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

එහිදී නැවත පදිංචි කිරීම, ව්‍යාපාර සඳහා සහන ණය පහසුකම් ලබා දීම සහ ජීවනෝපාය මාර්ගයන් සඳහා උපකාර ලබා දීම සඳහා අයවැය මගින් ප්‍රතිපාදන රැසක් වෙන්කර තිබෙන බව අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර ඇත.

උතුරු පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක්වෙන් කිරීම සම්බන්ධව මෙහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ස්තුතිය පිරිනමා ඇති අතර මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එම කටයුතු විධිමත්ව සිදුකිරීම වෙනුවෙන් උතුරු පළාත් සභාව සමග රජය සහයෝගීව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න