IMF කියන දේ කරන්න ආණ්ඩුවක් මොකටද : රවී නව බදු ක්‍රමය පතුරු ගහයි

IMF කියන දේ කරන්න ආණ්ඩුවක් මොකටද : රවී නව බදු ක්‍රමය පතුරු ගහයි

රටට නව බදු ප්‍රතිපත්තියක් අවශ්‍ය නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයන්ට අනුව මේ රටේ බදු වැඩිකරන්න දිය නොහැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කරයි.

එසේම නව බදු ප්‍රතිපත්තිය තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ බවත් නමුත් අද වන විට ඉදිරිපත් කර තිබෙන බදු ප්‍රතිපත්තිය ඊට හාත්පසින්ම වෙනස් බවද ඔහු පෙන්වා දෙයි.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (2018/04/01) තොටළඟ එජාප කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

උතුරු කොළඹ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාන්ඩ බෙදාදීම වෙනුවෙන් පැවති මෙම අවස්ථාවේ දී නව බදු ක්‍රමය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නව බදු ක්‍රියාවලිය සියළු අංශ කෙරෙහි බලපෑම් එල්ල කරනු ඇති බවය.

එසේම එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසක් බවත් ශ්‍රී ලංකිකයන් වශයෙන් විදේශීකයන් පවසන දේ ඒ ආකාරයෙන්ම සිදු කළ යුතු නොමැති බවත් සඳහන් කල මන්ත්‍රීවරයා IMF එක මෙරටින් යාමට කාලය උදාවී ඇති බව තමන් මීට පෙරම කියා සිටියේ මේ හේතුව නිසා බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රවී කරුණානායක මෙසේද පැවසීය.

"මහ බැංකුවේ දෙතුන් දෙනෙක්, විශ්‍රාම ගියාට පස්සෙ IMF එකේ රැකියා බලාපොරොත්තුවෙන් රටේ ආර්ථිකය, කඩා බිඳ දමා, ජනජීවිතය අඩාල කරනවා.ආණ්ඩුව වෙනස් වුණාට මහ බැංකුවේ හොල්මන් වෙනස් වෙලා නැහැ. IMF එකට ඕන විදිහට තීරණ ගන්නවනම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ . නව බදු ක්‍රමය රටේ සමස්ථ අංශයකටම බල පෑමක් ඇති කරන්න පුළුවන්.
මහ බැංකුවට සුදුස්සන් පත්කළ යුතුයි. නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම අසීරු කටයුත්තක්. මේව කිසිවෙකුට පේන්නෙ නැහැ. මේ අවස්ථාවේ දී රටේ ණය ප්‍රමානය 01% කින් වැඩි වෙනව කියන්නේ, රුපියල් කෝටි 6000ක්. රටේ ආර්ථික ය, බිංදුව ට ,වට්ටල තියෙන්නෙ මහ බැංකුවේ සිටින, ප්‍රායෝගික දැනුමක් නැති, නිලධාරීන් සුළුතරයක් නිසා".

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න