අතුරුදන් වූ මුලතිව් දරුවන්ගේ මව්වරුන්ට මංගලගෙන් සහතිකයක්!

අතුරුදන් වූ මුලතිව් දරුවන්ගේ මව්වරුන්ට මංගලගෙන් සහතිකයක්!

අතුරුදන් වූවන් වෙනුවෙන් වූ කාර්යාලය හරහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මව්වරුන්ගේ අතුරුදහන් දරුවන් සම්බන්ධව සොයාබලා යුක්තිය ඉටුකර දීමට තමන් පෞද්ගලිකව මැදිහත්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහතිකව ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරයා උතුරේ සිදුකරන නිරීක්ෂණ චාරිකාව අතර තුර ඊයේ (31) තම අතුරුදහන්වූ දරුවන් වූ දරුවන් සොයාදෙන ලෙස ඉල්ලමින් දින 389ක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මව්වරුන් හමුවීමට ගිය අවස්ථාවේ මේ බව අවධාරණය කර ඇත.

මෙහිදී මව්වරුන් සිය අතුරුදන් වූ දරුවන් පිළිබඳ අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අතර මේ සඳහා කඩිනම් විසඳුමක් අවශ්‍ය බවද කියා සිට ඇත.

එහි දී අමාත්‍යවරයා කියා සඳහන් කර ඇත්තේ අතුරුදන් වූවන් වෙනුවෙන් වූ කාර්යාලය නුදුරේ දීම සිය කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් එම නිලධාරීන් මුලතිව් වෙත පැමිණ මෙම මවුවරුන්ගේ තොරතුරු ලබා ගනු ඇති බවත්ය.

ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම මැදිහත් වී කටයුතු කරන බවත් අමාත්‍යවරයා සහතිකව ඇති අතර අතුරුදහන්වූවන් වෙනුවෙන් වන කාර්යාලය දේශපාලනික හෝ හමුදාමය වශයෙන් කටයුතු සඳහා මැදිහත් වීමක් සිදු නොකරණ බවත් එහෙයින් ඒ සම්බන්ධව විශ්වාසයෙන් සිටින ලෙසද අමාත්‍යවරයා එම මව්වරුන් දැනුවත් කර ඇත.

{gallery}kiinochchi2{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න