උෂ්ණත්වය ඉහළ ගිහින් : පරිස්සම් වෙන්න

උෂ්ණත්වය ඉහළ ගිහින් : පරිස්සම් වෙන්න

රට තුළ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා මේ දිනවල උෂ්ණත්වය ඉහළ අගයක් ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා මෙම උෂ්ණත්වය ඉහළයාම සිදුව ඇති අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දහවල් කාලය තුල උපරිම උෂ්ණත්වය ආසන්න ලෙස සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 ක්, අනුරාධපුරය ප්‍රදේශයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3 ක්, මඩකලපුව, මහ-ඉලුප්පල්ලම සහ රත්මලාන ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2කින් පමණ උෂ්ණත්වය ඉහල ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම රාත්‍රී කාලය තුලද අවම උෂ්ණත්වය කොළඹ හා රත්මලාන ප්‍රදේශවල සාමානය අගයට වඩා සෙල්සියස් අංශක 4 ක්, ගාල්ල, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, වව්නියාව ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3 ක්, අනුරාධපුරය, මඩකලපුව, යාපනය, මන්නාරම, මහ-ඉලුප්පල්ලම හා රත්නපුර ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 ක් වශයෙන්ද ඉහල ගොස් ඇති බව වාර්තා වෙයි.

තවද මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක්, රත්මලාන සෙල්සියස් අංශක 32.8ක් සහ අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2 ක් ලෙස උෂ්ණත්වය වාර්තා වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරියේදී නිරිතදිග මෝසම් වර්ෂාව බලාපොරොත්තු වන බවත් එතෙක් මෙම උෂ්ණ සහිත කාලගුණික තත්වය පවතිනු ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න