Language Switcher

V2025

රාජ්‍ය සේවකයන්ට එන්න එපා කිව්වේ ඇයි ?

"රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සේවකයන්ට වැඩට එන්න එපා කියලා අපි කියනවා. මොකද එතනින් අපිට ඉන්දන ටිකක් බේරගන්න පුලුවන්. මේ සති අන්තයේ කරන්න. ඊට පස්සේ ඉන්ධන ප්‍රශ්නේ විසඳෙනවා. ඒ නිසා හෙට අත්‍යවශ්‍ය නැති රජයේ සේවකයන්ට කියනවා එන්න එපා කියනවා. " යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය .

1. විශේෂයෙන්ම සති අන්තය වෙනකොට පෙට්‍රල් ඩීසල් තියෙන නිසා ඒ ප්‍රශ්නය අපි දන්නෑ උග්‍ර වෙයි කියලා. අපි ඒ ගැන ජූනි මාසය මැද වෙනකන් අපිට ඉන්ධන තියෙනවා. ඒ වෙනකොට විභාගය අවසන් වෙනවා. ඒත් විශේෂයෙන් හෙට ගැන මම කියන්න කැමතියි. රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සේවකයන්ට වැඩට එන්න එපා කියලා අපි කියනවා. මොකද එතනින් අපිට ඉන්දන ටිකක් බේරගන්න පුලුවන්. මේ සති අන්තයේ කරන්න. ඊට පස්සේ ඉන්ධන ප්‍රශ්නේ විසඳෙනවා. ඒ නිසා හෙට අත්‍යවශ්‍ය නැති රජයේ සේවකයන්ට කියනවා එන්න එපා කියනවා. ඒ වගේම අත්‍යවශ්‍ය නැති ගමන් යන්න එපා කියලා ඉල්ලනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රශ්නය විසඳන්න.

2.ගරු කතානායකතුමනි,
මන්ත්‍රිතුමා කියපු විදිහට විශාල අසහනයක් කොළඹ නගරෙ තියෙනව. එකක් ඩීසල් ඉන්ධන ලබා ගන්න එක. ඒ වගේම අපිට දැන් ලැබෙන වාර්තා අනුව ඇත්ත වශයෙන්ම තමන්ගේ දෛනික ආහාර වලටත් මුදල් මදි. ඉතින් මම ඒ ගැන එන සතියේ කතා කරන්න ඉන්නේ. ඒත් මේ දෛනික ආහාර ගැන ප්‍රශ්නය කොළඹට විතරක් නෙවෙයි ලෝකේ හැමතැනම සිදු වෙන්න යනවා. මම දැක්කා ලෝක බැංකුව ඩොලර් බිලියන තිහක් වෙන් කරල තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ මුදල් ඇමති භාණ්ඩාගාර ලේකම් කියලා තියෙනවා විශේෂයෙන්ම ලෝකෙටම මූණ දෙන්න තියෙන ලොකුම ප්‍රශ්නයට ඒ ගොල්ලො ලෑස්ති වෙනවා කියලා. මේ අවුරුද්දේ ආහාර හිගයක් ඇති වෙනවාත සමහර තැන්වලට ආහාර නැති වෙනවා කියලා. ඒකෙ සදහන් කළ තියෙන එක රටක් තමයි ලංකාව.

අනික තමයි ඇෆ්ගනිස්ථානය. ඒ නිසා අපිට යම්කිසි වැඩසටහනක් කරන්න වෙයි. ඒ නිසා සාකච්ඡා කරන්නේ උවමනා ආහාර වගා කර ගන්න. ඒ වගේම කොළඹ වගේ නුවර වගේ කොළඹ කොලොන්නාවේ ඔය හැමතැනම මොරටුව දෙහිවල හැමතැනම තියනවා ඒ ගැන විශේෂ වැඩසටහනක්. ඒකයි මම බලන්නේ අලුත් අයවැය ගෙනල්ල මුදල් දෙන්න සහන වලට අපි මේක මම කියන්නේ අපි මේක ආහාර බෙදා දෙන එක එකමුතුව කරමු. මොකක්ද තියෙන ප්‍රශ්නය. ඊ ළඟට එන්න යනවා මධ්‍යම සුළු පරිමාණයේ ව්‍යාපාර කඩාවැටීම. ඉතින් අපි ඔක්කොම එකතුවෙලා ආහාර හිගය විසඳන්න ක්‍රියා කරමු. දිස්ත්‍රික්ක මට්ටමෙන් අපි වෙනම කමිටු ඇති කරමු ඒ ඒ ප්‍රදේශවල කරන්න. කොළඹ මන්ත්‍රීතුමන්ලා ගෙන් ආධාර උවමනයි. මං හිතන්නේ අපිට හිස් ඉඩම් සියල්ලම රජය සතු අපි වගාවට යොදවමු.වගා කරන එක කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පාලනය කරන්න වුවමනායි. අපිට එකතු වෙන්න වෙයි. කොළඹ මන්ත්‍රීවරු සියලු දෙනාටම අපි එකතුවෙලා කොළඹ දිස්ත්‍රික්කෙ මෙතුමා ඉන්නවා විපක්ෂ නායක ඉන්නවා චම්පික රණවක ඇමැතිතුමා ඉන්නවා. අපි ඔක්කොම එකතුවෙලා කොළඹ නගරයයි කොලඹ දිස්ත්‍රික්කයේ මං හිතන්නේ අවිස්සාවේල්ල හැර හෝමාගම කොටසක් හැර අනෙක් හැම ප්‍රදේශ ය ගැනම අපිට වාඩි වෙලා කතා කරලා තීරණයක් ගමු.

3.මේ පිළිබඳව මම ඊයෙ ප්‍රකාශ කරා. තිබූ ප්‍රශ්නය අපි ගෙනාවා දැන් වරායට ඇවිල්ල තියෙනව. නියෝග දීලා තිබුණේ ලොරි දාලා ගෙනියන්න කියලා. ඊයේ රෑ 08:00 වෙනකන් ලොරි දාලා තිබුන් නෑ. ඒ නිසා මම ඒ නිලධාරීන් මෙහාට කැඳවනවා. විශේෂයෙන්ම අපේ cope comitee සභාපතිතුමාට කියන්න කැමතියි. හෙට ලිට්රෝ ගෑස් කණ්ඩායම ගෙනල්ලා ඇයි ප්‍රමාද උනේ කියලා හොයලා වාර්තාවක් දෙන්න කියලා. මොකද මෙහෙම මිනිස්සු දුක් විඳින අවස්ථාවලදී මේගොල්ලෝ නිකං කල් ගන්න කිව්වට ඒ ගොල්ලෝ දුවලා වැඩ කරන්න ඕනේ. අපි ඔක්කොම වැඩ කරනවා රෑ 11 12 වෙනකල්. ඒ වගේම මෙතන කියන්න කැමතියි අපි තව තීරණයක් අරගත්තා විශේෂයෙන්ම ඇමතිවරු පිළිබඳව. අලුතෙන් ඇමතිවරු පත් කරනවා එයලා පත් කරනකොට ඒ අය ඇමතිවරුන්ගේ වැටුප් ලබා ගන් නෑ කියලා මම කියන්න කැමතියි. ඒවගේම ඇමතිවරුන්ට තියෙන වරප්‍රසාද අඩු කරන්නත් අපි සාකච්ඡා කරලා දැනුම් දෙනවා කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. ඊට අමතරව තව එකක් මම කියන්න ඕනෙ මම ඉංග්‍රීසියෙන් කතා කරන්න කැමතියි.

There is a lot of questions about the shoot on site order that is supposed to have been given. no shoot on sight order was given. that's nothing in writing nothing because we didn't want to shoot. we want to prevent them from shooting. maybe some of the MP's houses got damage and destroyed but there was no order to shoot. there was no order to shoot on site. because many agencies from outside asking why did you give this order. there was no order to shoot on site. Like any other circumstances the police or they have to use in their degression if they feel they have to open fire and their procedures for that other than the normal. there was no special order to shoot at the site.