අමාත්‍ය ධූරය ගන්නකොට කැතක් පිළිකුලක් දැනුනා - ඇමති හරීන්

අමාත්‍ය ධූරය ගන්නකොට කැතක් පිළිකුලක් දැනුනා - ඇමති හරීන්

රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බවත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඊට අමාත්‍ය මනූෂ නානායක්කාර ද එක්ව සිටියේය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අමාත්‍යධුරයක් භාර ගැනීමේදී පිළිකුලක් කැතක් දැනුන නමුත් රට වැටෙන්න යන අගාධයෙන් බේරා ගැනීම ඊට වඩා වැදගත් නිසා එම කැත පිළිකුල දරා අමාත්‍යධූරය භාරගත් බවය.

‘ගෝඨා ගෝ හෝම්’ යන්න තමන් තවදුරටත් විශ්වාස කරන නමුත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නැති බව සහතික යයිද අමාත්‍යවරයා පැවසීය .

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට වඩා රට යම් ප්‍රමාණයකට හෝ ස්ථාවර කර ධුරයෙන් සමුගැනීම සුදුසු යයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

අමාත්‍ය ධුරය භාර ගනිද්දී ජනාධිපතිවරයාගෙන් මුහුණවත් බැලුවේ නැති බවත් වචනයක්වත් කතා කලේ නැති බවත් තමන් දෙදෙනාගේ පින්තූර ද නැත්තේ ඒ නිසා බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය .

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද පැවසූ ඔහු තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද කීය.

තවද තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද පැවසූ ඔහු තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන බවත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න