අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු ගේ සහ මනූෂ නානායක්කාර ගේ සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි .
ඔවුන් අද (20) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාගත් නිසා මේ තීන්දුව ගෙන ඇත.
තම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාද අද පාර්ලිමේන්තුවේදී පැවසීය .
කෙසේ වුවත් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ සමගි ජනබලවේගය පක්ෂය තමන්ට විනය පියවර ගත්තත් අමනාපයක් නැති බවත් තමන් සහ මනූෂ ආණ්ඩුවට එක්වුණේ, වත්මන් දරුණු අර්බුදය සමනය කරගන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගනු ලබන ප්‍රයත්නයට සහය දීමට බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
